Gossips

ශ්‍රී ලන්කන්, මිහින්ලංකා ගැන සොයන, ජනාධිපති කොමිසමේ කාලය දිගුවේ

ශ්‍රී ලන්කන්, මිහින්ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් දිගු කර තිබෙනවා.
ඒ සඳහා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ අදාළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිළ කාලය මේ වසරේ මැයි 30 වන දා දක්වා දීර්ඝ කර ඇති බවයි.
2018 වසරේ ජනවාරි 31 වන දින පිහිටුවන ලද අදාළ කොමිෂන් සභාවේ නිළ කාලය කිහිප වතාවක් දිගු කරන ලද අතර, මේ වසරේ පෙබරවාරි 15 වන දායින් අවසන් වීමට නියමිතව තිබුණා.
පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විධි විධාන යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ කොමිසමේ කාලසීමාව දිගු කළ බව ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලන්කන්, මිහින්ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුව ඇති බව කියන අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් අවසන් වාර්තාව නිකුත් කිරීම සඳහා මෙලෙස එම කොමිසමේ කාලසීමාව දිගු කළ බව එහි දැක්වෙනවා.