Gossips

ශ්‍රී ලන්කන්, මිහින්ලංකා ගැන සොයන ජනාධිපති කොමිසමේ කාලය දිගු කෙරේ

ශ්‍රී ලන්කන්, මිහින්ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් දිගු කර තිබෙනවා.
ඒ සඳහා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ අදාළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිළ කාලය මේ වසරේ මැයි 30 වන දා දක්වා දීර්ඝ කර ඇති බවයි.
2018 වසරේ ජනවාරි 31 වන දින පිහිටුවන ලද අදාළ කොමිෂන් සභාවේ නිළ කාලය කිහිප වතාවක් දිගු කරන ලද අතර, මේ වසරේ පෙබරවාරි 15 වන දායින් අවසන් වීමට නියමිතව තිබුණා.