Gossips

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධාන වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා.
කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අද පස්වරුවේ එම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි.
පසුගිය 7 වන දා ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත්.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු අවම කර ගනිමින් එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර මෙම කමිටු නිර්දේශ වාර්තාවට ඇතුළත් වනවා.