ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතයි.
පසුගිය 7 වන දා පත් කළ මෙම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත්.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව අවම කර ගනිමින් ඉදිරියේදී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර අදාළ කමිටු නිර්දේශ තුළ ඇතුළත් වනවා.
මේ අතර, අධික ලෙස පාඩු ලබමින් පවතින ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ රුපියල් මිලියනයකට වඩා වැටුප් ලබන නිලධාරීන් 190 දෙනෙකු සේවය කරන බව පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කෙරුණු කෝප් වාර්තාව මගින් ද හෙලිදරව් කෙරුණා.
