Gossips

ශ්‍රී ලන්කන් – තෙල් සංස්ථා ගැටළුව විසඳෙන ලකුණු

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ජා පවත්වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා.
අනිද්දා වන විට තමන්ට ලැබිය යුතු හිඟ මුදල් ලබා නොදුනහොත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන සැපයීම අත්හිටුවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගුවන් සමාගමට ඉන්ධන සැපයීම නතර කලහොත් එමගින් රටට විශාල බලපෑමක් එල්ල වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග වේයන්ගොඩ ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළා.