Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළි කොචින් බලා ගමන් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ කොචින් දක්වා යළිත් ගමන් ආරම්භ කර තිබෙනවා.
පසුගිය 15 වනදා කොචින් දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතර කෙරුනේ කේරළ ප්‍රාන්තයට බලපෑ දරුණු ජල ගැලීම් තත්වය හේතුවෙන්.
එම තත්වය මත වසා දැමුනු කොචින් ගුවන්තොටුපල ඊයේ යළිත් ගුවන් ගමන් සඳහා විවෘත කෙරුනා.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පළමු යානය අද උදෑසන 07.47 ට කොචින් බලා පිටත්ව ගිය බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කළේ.