Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා නව කමිටුවක් ලබන සදුදා පත් කරන බව ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට භාරදීමට ඒ අනුව සියලූ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වනු ඇති.
සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විතව මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර සති දෙකක කාලයක් තුළ දී කමිටුව විසින් අදාළ නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි.
එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට එළැඹෙන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය විධිමත් ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවීමට ද මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතිකරගෙන තිබෙන අවාසිදායක ගිවිසුම් පිළිබදව ද අවධානය යොමු කෙරුණු අතර ඛනිජ තෙල් මිල ඉහළ යාම, රුපියල හා කලාපයේ මුදල් අවප්‍රමාණයට ලක්වීම, තාක්ෂණික හා යටිතල පහසුකම් ඌනතාව වැනි කරුණු හේතුවෙන් ඇතිවූ බලපෑම් පිළිබදව ද අවධානය යොමු කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතිනවා.