Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් තවමත් ප්‍රමාදයි

ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවයේ ගුවන් යානා දෙකක කාර්මික දෝෂ හේතුවෙන් ඇති වූ ගුවන් ගමන් ප්‍රමාදය තවමත් අවසන් වී නැහැ.
කෙසේ නමුත්, එය බොහෝදුරට පාලනය කිරීමට හැකි වී ඇති බවයි ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කොචින් සිට ගමන් ගත් යානයක කුරුල්ලෙකු ගැටීම ඇතුළු වැළැක්විය නොහැකි හේතූන් මත ගුවන් යානාවලට සිදුවූ හානි හේතුවෙන් එලෙස ඇති වූ පමාව පිළිබඳව ගුවන් සේවය මගීන්ගෙන් සමාව අයැද සිටියා.
එමෙන්ම අදාළ ප්‍රමාදයන් පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 01 973 319 79 දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බවයි ගුවන් සේවය ප්‍රකාශ කළේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වෙබ් අඩවියේ ද ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ තොරතුරු ඇතුළත් කොට තිබෙනවා.
ඒ අනුව ඊයේ (26) දිනයේදී චෙන්නායි, මෙල්බර්න්, ජාකර්තා, ක්වාලාලාම්පූර්, මාලේ සහ හොංකොං සිට පැමිණි සහ ජෙඩා, කුවේට් සහ දෝහා වෙත ගමන් ගත් ගුවන් යානාවල ප්‍රමාදයන් සිදුවුණා.