Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සංස්ථාවෙන් කජු

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට යළි කජු සැපයීමට කජු සංස්ථාව තීරණය කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගත් බවයි එම සංස්ථාවේ සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගීන්ට ලබාදෙන කජු සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණේ පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.
තමන් මෑතකදී නේපාලයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මෙරට බලා පැමිණෙන අතරතුර ලබාදුන් කජු පරිභෝජනයට නුසුදුසු ඒවා බවට ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව සිය ගුවන් යානා තුළ කජු පිරිනැමිම නතර කළ ශ්‍රි ලංකන් ගුවන් සමාගම එම කජු තොගය ඉවත් කිරිමට පියවර ගත්තා.
එමෙන්ම මතභේදයට ලක්වු ඩුබායි සැපයුම්කරුගෙන් කජු ලබා ගැනිම නතර කෙරුණු අතර, නව සැපයුම් කරුවෙකු සොයන බවයි ශ්‍රි ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.
ඒ අනුවයි ශ්‍රී ලංකා කජු සංස්ථාව ගුවන් සේවයට කජු සැපයිමට තිරණය කරනු ලැබුවේ.
වසර 2016 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට කජු සපයනු ලැබුවේ ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් වන අතර, මසකට දළ වශයෙන් කජු කිලෝග්‍රෑම් 600ක් පමණ ලබාදී තිබෙනවා.