Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් ගුවන් යානයක් එක්වෙයි (ඡායාරූප)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) එක්වී තිබෙනවා.
A-321neo වර්ගයේ ගුවන් යානයක් වන මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසන්නේ.
ජර්මනියේ නිෂ්පාදිත මෙම ගුවන් යානය ඊයේ (29) අලුයම ජර්මනියේ හැම්බර්ග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.
ව්‍යාපාරික පංතියේ මගීන් 12 කට , පිරිමැසුම්දායක පංතියේ මගීන් 176 කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමග කාර්යය මණ්ඩලයේ 06 දෙනෙකුට ද එකවර මෙහි ගමන් කල හැකියි.
මෙම ගුවන් යානය චීනය, ඩුබායි වැනි කෙටි ගමනාන්ත කරා යෙදවීමට අදහස් කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා අප කළ විමසීමකදී කියාසිටියේ.

ඡායාරූප – කටුනායක ටි.කේ.ජි කපිල