Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගැටලු ජනපතිගේ අවධානයට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශණ කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුල ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.
සමාගමේ දැනට පවතින තත්වය සහ මතුව ඇති ගැටලු විසඳා ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ඔවුන් දීර්ඝ වශයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සමාගමේ සේවාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය වර්ධනය කරමින් මගීන්ට ප්‍රබෝධයකින් යුතුව සිය ගමනාන්තය කරා ළගාවීමට හැකි පහසුකම් පුලුල් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පැහැදිළි කළ බවයි.
එමෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුලු පාර්ශවවල තොරතුරු ලබාගනිමින් සහ සියලුදෙනාගේ යෝජනා සැලකිල්ලට ගනිමින් රජයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසම කඩිනමින් කටයුතු කරනු ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී කියාසිටියා.