Gossips

ශ්‍රී ලංගම ආරම්භ කළ වර්ජනයට ඇල්පිටියත් එක්වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඇල්පිටිය ඩිපෝවේ සේවකයින් අද (01) පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කළා.
තංගල්ල – අම්බලන්තොට සහ ගාල්ල ඩිපෝවල සේවකයින් ද පසුගිය දා වර්ජනයක් ආරම්භ කළේ වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින්.
ඇල්පිටිය ඩිපෝවේ රියදුරු, කොන්දොස්තරවරුන් ඇතුළු සියළුම සේවකයින් ආරම්භ කළ මෙම වර්ජනයට සහභාගි වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ හේතුවෙන් ඇල්පිටිය ඩිපෝවෙන් ධාවනය වීමට නියමිත සියළුම බස් රථ මේ වන විට ඩිපෝවේ ගාල් කර තිබෙනවා.