Gossips

ශ්‍රී ලංගමයේ නව සභාපති උපාලි මාරසිංහ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු සිය ධුරයේ අද වැඩ භාර ගැනීමට නියමිතයි.
මීට පෙර ඔහු ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි කටයුතු කළේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන පෞද්ගලික හේතුවක් මත ඊයේ එම ධුරයෙන් ඉවත් වුණා.