Gossips

ශ්‍රී ලංකා 19 න් පහළ පිලට ජයක්

සංචාරක වයස අවුරුදු 19 න් පහළ ඉන්දීය ක්‍රිකට් පිල සමඟ පැවති දෙවන එක්දින තරඟය කඩුලූ 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ඊයේ සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 47 කදී ලකුණු 193 කට දැවී ගිය අතර, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිල 46 වන පන්දු වාරයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 195 ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
මේ අනුව, තරඟ 5 කින් සමන්විත යොවුන් එක්දින ජාත්‍යන්තර තරඟාවලියේ දෙපිලම එක් ජයග්‍රහණය බැගින් ලබා සම තත්ත්වයේ පසුවනවා.