Gossips

ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට තවත් පරාජයක්

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල හුදෙක් සංචාරයක් පමණක්ම බවට පත් කරගෙන සිටින ශ්‍රී ලංකා හොකී කණ්ඩායම අද (28) තවත් අවමන් සහගත පරාජයකට මුහුණ දුන්නා.
ඒ ඉන්දීය කණ්ඩායම හමුවේ ගෝල විස්සට බින්දුවක් ලෙසින්.
මෙම තරගයේ විශේෂත්වය වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නිදහසේ ගෝල ලබාගැනීමේ අවස්ථාව ලබාදෙමින් ඉන්දීය දැල් රකින්නා සිය සියලු ආවරණ ඉවත් කරමින් තරගය පුරාවට සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කිරීමයි.
මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව රුමේෂිකා රත්නායකට අද අහිමි වුණා.