Gossips

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයාට සුබපතමින් ICC ය කළ දේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් ගේ උපන්දිනය ඊයේ (19) දිනට යෙදී තිබුනා.
මේ අතර ඔහුගේ උපන්දිනයට සුබපැතුම් එක්කරමින් ICC ය ට්විටර් ගිණුමට සුවිශේෂ මතකයක් අලුත් කරමින් වීඩියෝවක් එක්කර තිබෙනවා.
ඒ 2014 වසරේ බංගලාදේශයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තයට එරෙහිව සිදුකළ සුපිරි පන්දු යැවීමයි.
එහිදී සුපිරි පන්දුයැවීමක නිරතවූ රංගන කඩුලු 5 ක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා වන්නේ කිසිවෙකු නොසිතූ ලෙසින්.
සුපිරි ක්‍රීඩක රංගන එම තරඟයේ පන්දුවාර 3 යි පන්දු 3 ක් යොමුකරන අතර ඉන් පන්දුවාර 2 ක් ම නිලකුණු පන්දුවාර වීම විශේෂත්වයක්.
එහිදී ඔහුගෙන් ගිලිහුණු ලකුණු සංඛ්‍යාව 5ක්.
ලොවම මවිත කළ සුපිරි පන්දුයැවීම පහතින්.
rn