Gossips

ශ්‍රී ලංකා සිතියම වර්ග ප්‍රමාණය කිලෝමීටර් 2.69 කින් වැඩිවේ

වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් වෙනස් වන කොළඹ සිතියම මුද්‍රණය කිරීමේ කටයුතු මේ මස අවසන් වීමට පෙර සිදුකරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.
මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිසා සිතියමෙහි වර්ග කිලෝමීටර් 2 යි දශම 6 යි 9 ක වැඩිවීමක් සිදුවන බවයි.
නව ශ්‍රී ලංකා සිතියමට අනුව, හලාවත මුහුදු තීරයෙහි අඩුවීමක් පෙන්නුම් කරන අතර, දකුණ සහ නැගෙනහිර මුහුදු තීරයෙහි වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.
අදාළ වෙනස්කම් සහිත සම්පූර්ණ වූ ශ්‍රී ලංකා සිතියම මෙම වසර අගදී නිකුත් කරන බවයි මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත වැඩිදුරටත් සඳහන් කළේ.