ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් අතර හමුවක් සිදුවුනා.
ඒ සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේදීයි.
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුලුවේ ප්‍රධාන දේශකයා ලෙසට සහභාගී වීම සඳහායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුව බලා පිටත්ව ගියේ.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී දෙරටේ නායකයන්ගේ අවධානයට යොමුවුනා.
වර්තමානයේ ශ්‍රී ලංකාව දේශපාලන සමාජ සහ ආර්ථික වශයෙන් මේවන විට තබා ඇති පියවර පිළිබඳ සිංගප්පූරු ජනාධිපතිනිය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ප්‍රශංසාව පළකර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙල ද සිංගප්පූරුවේ ජනාධිපතිනියගේ ඇගයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
