Gossips

ශ්‍රී ලංකා සභාපති පිළ – ද. අප්‍රිකා පිළ තරඟය ජය පරාජයෙන් තොරව නිමයි

සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (08) අවසන් වුණා.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු සංඛ්‍යාව 287ක් රැස් කළා.
අවසන් දිනය වූ අද තරඟය නතර කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 338ක් ලබා ගත්තා.
දෙරට අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය ලබන 12 වන දා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.