Gossips

ශ්‍රී ලංකා රුපියල් කෝටි ගණන් මතු වූ මලයාසියානු හිටපු අගමැතිගේ නිවසෙන් එළියට ආපු අලුත්ම කතාව

ශ්‍රී ලංකා රුපියල් කෝටි ගණන් මතු වූ මලයාසියානු හිටපු අගමැතිගේ නිවසෙන් එළියට ආපු අලුත්ම කතාව"
මලයාසියානු හිටපු අගමැතිගේ නිවසෙන් තවත් මුදල් තොගයක් සොයාගනී
මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ නිවසේ තිබී ඇමරිකානු ඩොලර් මිලියන 270 ක තවත් මුදල් සහ සුඛෝපභෝගී භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
හිටපු අගමැතිවරයා පසුගිය මැයි 9 වනදා පැවති මැතිවරණයෙන් පරාජයට පත් වූ අතර, මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ සිදුකෙරෙන පරීක්ෂණවලට අදාලවයි මෙම මුදල් සහ භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත්තේ.
ඔහුගේ පෞද්ගලික නිවස පරීක්ෂා කිරීමේදී මීට පෙරද මුදල් හමුවූ අතර, ඒ තුළ ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් ද පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු වුවහොත් හිටපු අගමැති රසාක්ට වසර 15 දක්වා සිරදඩුවම් නියම විය හැකියි.
rnrnrnrn