Gossips

ශ්‍රී ලංකා යෞවනයන් අසියානු කුසලානයේ අවසන් මහා තරඟයට

වයස අවුරුදු 19න් පහල ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත්වුණේ අවසන් පුර්ව තරඟයේදී ඇෆ්ඝනිස්ථානය ලකුණු 31කින් පරාජය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 209ක් රැස්කළා.
නුවනිදු ප්‍රනාන්දු ලකුණු 111ක් ලබා ගත්තේ කඩා වැටී තිබු ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින්.
නායක නිපුන් ධනංජය ලකුණු 27යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ඝනිස්ථානයට පන්දුවාර 48.3 කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 178ක් පමණයි.
පන්දු යැවීමේදී ශෂික දුල්ෂාන් කඩුලු 4ක් දවගත්තා.
මේ අනුව ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලබන ඉරිදා ඉන්දියාව මුණගැසීමට නියමිත අතර මේ තරඟය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේ ඩකා නුවරදී.