ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකා නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.
තරඟයේ මුල් දිනය වූ ඊයේ ශ්රී ලංකාව මුල් ඉනිම සඳහා ලබා ගත් ලකුණු 222ට පිළිතුරු ලෙස බංග්ලාදේශය කඩුලු 4 ක් දැවී ලබා සිටියේ ලකුණු 56 ක් පමණයි.
ඒ අනුව, බංග්ලාදේශය තවමත් සිටින්නේ ශ්රී ලංකාවට වඩා ලකුණු 166 ක් පිටුපසින්.
බංග්ලාදේශය වෙනුවෙන් වසර 4 කට පසු කණ්ඩායම නියෝජනය කළ අබ්දුල් රසාක් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා.
සුරංග ලක්මාල් ලකුණු 15 කට කඩුලු 2 ක් බිඳලමින් ටෙස්ට් කඩුලු සියය ඉක්මවූ 4 වන ශ්රී ලංකා වේග පන්දු යවන්නා බවට පත්වුණා.
ඔහුට පෙර ශ්රී ලංකා වේග පන්දු යවන්නන් ලෙස චමින්ද වාස් ටෙස්ට් කඩුලු 355 ක්, ලසිත් මාලිංග කඩුලු 101 ක් සහ දිල්හාර ප්රනාන්දු කඩුලු 100 ක් ලබා ගෙන තිබුණා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn
rn
