ශ්රී ලංකා – බංග්ලාදේශය පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව බංග්ලාදේශයට
ශ්රී ලංකා – බංග්ලාදේශය පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව බංග්ලාදේශයට
ශ්රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද බංග්ලාදේශයේ චිතගොංහිදී ආරම්භ විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 374ක් රැස් කරගෙන තිබිණි.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
තමිම් ඉක්බාල් හා ඉම්රුල් කායිස් බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 72 කි.
අද සිය ටෙස්ට් දිවියේ 25 වන අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු, තමිම් ඉක්බාල් ලකුණු 52 කි.
ඉම්රුල් කායිස් හා මොමිනුල් හක් බංග්ලාදේශ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සබඳතාවක් ගොඩනැගුවේය.
ලකුණු 40 ක් රැස් කරගෙන සිටි ඉම්රුල් කායිස් දැවී ගියේ, ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේයි.
මොමිනුල් හක් පස්වැනි ටෙස්ට් ශතකය අද වාර්තා කළේ ය.
ඔහු සහ මුෂ්ෆිකර් රහීම් අතර තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 236කි.
එය බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙක් ටෙස්ට් තරගයක තුන්වැනි කඩුල්ලට ගොඩනැගූ ඉහළ ම ලකුණු සබඳතාවය යි.
රහීම් ලකුණු 92කට දැවී ගියේ ය.
දිනය නිමාවන වන විට මොමිනුල් හක් නොදැවී ලකුණු 175ක් රැස් කරගෙන සිටියේ ය.