ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවති චිතගොන් තණතීරුව දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් ක්‍රීඩාංගණයට දඬුවම් ලකුණක් පිරිනමන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
මෙම තරගයේ දින 5 තුළ ලකුණු 1533 ක් වාර්තා වූ අතර දැවී ගොස් තිබුණේ කඩුලු 24 ක් පමණයි.
චිතගොන් ක්‍රීඩාංගණයට ඉදිරි වසර 5 ක කාලය තුළ තවත් දඬුවම් ලකුණු 4 ක් හිමිවුවහොත් මාස 12 ක කාලයක් සඳහා ජාත්‍යන්තර තරග පැවැත්වීම තහනම්වනවා.
මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරඟය සඳහා ලබා දුන් තණතීරුව ටෙස්ට් තරඟ සදහා සුදුසු මට්ටමේ නොතිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මීට පෙර පැවසුවේ.
දිමුත් කරුණාරත්න පවසන්නේ චිතගොං ක්‍රීඩාංගණයේ තණතීරුව පන්දු යවන්නන්ට කිසිදු සහායක් ලබා නොදුන් බවයි.
කෙසේ වෙතත් ලබන 08 වනදා මීර්පූර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවන තරඟය සඳහා ලැබෙන තණතීරුව පන්දු යවන්නන්ට වඩා සහයක් ලබාදෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව ඔහු පවසනවා.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.