Gossips

ශ්‍රී ලංකා පිළට අවාසියක් ගෙන දෙමින් අකිලට අද තරඟය අහිමි වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අද (27) පැවැත්වෙන පන්දුවාර 20 තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට අහිමිව යන බව වාර්තා වනවා.
පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් අකිලට අද තරඟය අහිමි වී යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ වෙනුවට අමිල අපොන්සු කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්.
මේ අතර අබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ද අද තරඟය අහිමිවී යනවා.
කුසල් ජනිත් වෙනුවට අවසන් එක්දින තරඟයේදී ඉහළ දක්ෂතා දැක්වූ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
අද තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවනු ලබන්නේ තිසර පෙරේරා විසින්.
ලසිත් මාලිංග ද වසරකට පසු මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කිරීම විශේෂත්වයක්.