Gossips

ශ්‍රී ලංකා – පිලිපීන ජනපතිවරුන් අද හමුවේ

සිව් දින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (16) පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරේට් හමුවීමට නියමිතයි.
ඉන් අනතුරුව ද්වි පාර්ශවික සාකච්ඡා ආරම්භ වන අතර, අධ්‍යාපන, සංචාරක සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කිහිපයකට ද එහිදී එළඹෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
පිලිපීන ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දූත පිරිස රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟාවූ අතර එහිදී ඔවුන් පිළිගනු ලැබුවේ එරට වෙළඳ සහ ආයෝජන අමාත්‍යවරයා විසින්.
පිලිපීනයේ ජාතික වීරවරයෙකු ලෙස සැලකෙන ආචාර්ය හූසේ රිසාල්ගේ ස්මාරකයට ද අද ජනාධිපතිවරයා පුෂ්පෝහාර දක්වනු ඇති.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස් හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වනවා.