Gossips

ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් අසාර්ථක වෙයි – නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරඟය ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය අද (11) සමත් වුණා.
ඕක්ලන්ඩ් හිදී පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 තුල කඩුලු 07කට ලකුණු 179ක් රැස්කළා.
නවසීලන්ත පිලේ මුල් පෙළ කඩුලු 04ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීමට මාලිංග සහ කසුන් රාජිත සමත්වීම විශේෂත්වයක්.
නවසීලන්ත වෙනුවෙන් ඩග් බ්‍රෙස්වෙල් ලකුණු 44 ක් රැස්කළ අතර කුගේලේජින් නොදැවී ලකුණු 35 ක් රැස්කළා.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 03ක් සහ ලසිත් මාලිංග කඩුලු 02ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 පන්දු 05කදී සියල්ලන් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 144 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 24කදී ලකුණු 43ක් රැස් කළ අතර කුසල් ජනිත් ලකුණු 23ක් රැස් කළා.
ශ්‍රී ලංකා පිතිකරුවන් හයදෙනෙකුටම ලකුණු 10 සීමාව පසුකර යාමය නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ලුකී ෆර්ගසන් කඩුලු 03ක් දවාගත්තා.
මේ අතර දෙරට අතර පැවති ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරඟාවලි තුනෙහිම ජයග්‍රහණ නවසීලන්තය සතු වුණා.