දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී පැවැත්වෙන ශ්‍රීලංකා දකුණු අප්‍රිකා  පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 191කට සීමා කරන්නට දකුණු අප්‍රිකා  පන්දු යවන්නන් සමත් වූණා. 
ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා බවට පත්වූයේ ලකුණු 51 රැස්  කල කුසල් ජනිත් පෙරේරායි.
මීට අමතරව දිමුත් කරුණාරත්න ලකුණු 30ක්, ධනංජය ය සිල්වා ලකුණු 23 ක් සහ ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 24 රැස්  කල අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට ළඟාවීමට හැකිවූනේ නැහැ .
පන්දු යැවීමේදී ඩෙල්  ස්ටෙයින් කඩුළු 4ක් බිද හෙලු අතර ෆිලන්ඩර් සහ රබාඩා  කඩුළු 2 බැගින් දවා ගත්තා.
පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 135ක් රැස්  කල අතර ඔවුන් දෙවෙනි ඉනිම ආරම්භ කළේ ලකුණු 44ක් ඉදිරියෙන් සිටීමෙන්.
අද තරඟයේ දෙවෙනි දිනයයි.



