ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 144ක් රැස්කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 78 කදී ලකුණු 64 ක් රැස්කළා.
පැට් කමින්ස් කඩුලු 4 ක් දවාගත්තා.
ජේ රිචඩ්සන් කඩුලු 3 ක් සහ මිචෙල් ස්ටාක් කඩුලු 2 ක් දවාගත්තා.
