සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මීර්පුර්හිදී නිමාවට පත්වුනා. 
දිනය අවසානයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 4 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 56 ක්. 
ඉනිම ආරම්භයේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් අසීරු තත්වයකට පත්වුනා. 
මොමිනුල් හක් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. 
මුශ්ෆිකර් රහීම් එක් ලකුණක් ලබා ගත් අතර තමින් ඉක්බාල් ලකුණු 4 ක් රැස් කලා. 
ඉම්රුල් කයිස් 19 යි. 
ලිටන් ඩාස් ලකුණු 24 ක් සහ මෙහිඩි හසන් ලකුණු 5 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියා. 
පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් කඩුලු දෙකක් සහ දිල්රුවන් පෙරේා එක් කඩුල්ලක් දවා ගත්තා. 
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම අවසන් වුයේ සියලුදෙනා දැවී ලකුණු 222 කටයි. 
අද පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද එතරම් දක්ෂතාවක් දැක්වීමට හැකියාවක් ලැබුනේ නැහැ.
පළමු ටෙස්ට් තරගයේදී ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් හෝ ධනංජය සිල්වාට අද වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවීම විශේෂත්වයක්. 
අද තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
කුසල් මෙන්ඩිස් 68 යි. 
ධනංජය ද සිල්වා ලකුණු 19 ක් සහ අකිල ධනංජය ලකුණු 20 ක් රැස් කලා.
දිල්රුවන් පෙරේරා 31 යි. 
පන්දු යැවීමේ දී අබ්දුල් රසාක් කඩුලු 4 ක්, ටයිජුල් ඉස්ලාම් කඩුලු 3 ක් සහ මුශ්ෆිකර් රහීම් කඩුලු 2 ක් බිඳහෙලුවා. 
බංග්ලාදේශ පළමු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. 
සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ රොශේන් සිල්වා අවසන් කඩුල්ල ලෙසට දැවී ගියේ ලකුණු 56 ක් ලබා සිටියදීයි.



