Gossips

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ස්වාධීන වෙයි

පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමට නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර තිබෙනවා.
ඊයේ රැස් වූ තම සංගමයේ නියෝජිත සභාව මෙම තීරණය ගත් බවයි එහි ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ප්‍රකාශ කළේ.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ද තමන් ඉදිරියේදී ඉල්ලා අස්වන බව ඔහු සදහන් කළා.