Gossips

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ද ?

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමති නව සන්ධානයේ පොහොට්ටුව ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර එළඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය තුනෙන් දෙකක බලයක් ජනතාවගෙන් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
ඒ, බත්තරමුල්ල – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.