Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණේ මීළඟ සාකච්ඡාව ලබන මස 10 වනදා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ලබන අප්‍රේල් 10 වනදා යලි සාකච්ඡා කිරීමට නියමිත බවයි.
අද උදෑසන 11 ට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වුණා.