ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ මෙහෙයවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තම පක්ෂය හෙට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
