Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් එළැඹෙන 4 වැනිදා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් එළැඹෙන 4 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පක්ෂයේ මහලේකම් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්සයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරුවේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
අප වාර්තාකරුවන් සදහන් කළේ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති මෙම රැස්වීම පැය 2 කට ආසන්න කාලයක් පැවැති බවයි.