අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටින බව රාජ්‍ය අමාත්‍ය AHM ෆවුසි සඳහන් කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා දෙකක් අද පෙරවරුවේ පැවැත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වුණේ ජනපතිවරයාගේ නිළ නිවසේදීයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
මේ අතර, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9යි 30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර, මේ වන විට අදාළ විවාදය ආරම්භ වී තිබෙනවා.
