Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැහැදිලි කිරීමක්

අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරිම ඇතුළු සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවේ, ජනාධිපතිවරයාට හිමි බලය යටතේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මේ අදහස් පළකළා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාලා මගින් තමා සම්බන්ධව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිකුලින් හෙළාදකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
තම දේශපාලන ජීවිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපකර ඇති බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් මූලිකත්වයෙන් රටේ ඉදිරි සුබසිද්ධිය උදෙසා තමන් කැපවීමෙන් කටයුතු කරන බවත් ලසන්ත අලගියවන්න මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.