Gossips

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රික කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමුවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 190කට සියලු ක්‍රීඩකයින් දැවී ගියා.
එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 60ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 35ක් සහ නායක සුරංග ලක්මාල් නොදැවී ලකුණු 33ක් රැස් කළා.
පන්දු යැවීමේදී කන්ගීසෝ රබඩා කඩුලු 03ක්ද කේෂාව් මහාරාජ් ශ්‍රී ලංකා කඩුලු 04ක් බිඳ දැමුවා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 287ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 126කට සීමා වූණා.
ශ්‍රී ලංකා පිළ සිය දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 161ක වාසියක් ද අතැතිවයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට ලබාගත් ලකුණු 190ත් සමඟ ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 352ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
තරඟයේ තුන්වන දිනය අදයි.