ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර ප්රථම ටෙස්ට් තරඟය හෙට ආරම්භ වන අතර, එය පැවැත්වෙන ඩර්බන් ක්රීඩාංගණය ශ්රී ලංකාවට වාසිදායක බව ක්රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.
දකුණු අප්රිකාවේ පැවති ටෙස්ට් තරඟ 13කින් 11ක්ම ශ්රී ලංකාව පරාජයට පත්වූ අතර, ඩර්බන් – කිංග්ස්මීඩ් ක්රීඩාංගණයේ පැවති තරඟ දෙකම දකුණු අප්රිකාවට ජය ගත හැකි වූයේ නැහැ.
2000 / 2001 ක්රීඩා වාරයේ එලෙස පැවති එක් ටෙස්ට් තරඟයක් ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.
එමෙන්ම 2011 / 2012 ක්රීඩා වසරේ දී දකුණු අප්රිකාවට එරෙහි ප්රථම ටෙස්ට් ජය ශ්රී ලංකාව වාර්තා කළේ එම ක්රීඩාංගණයේදියි.
එය රංගන හේරත්ගේ පන්දු යැවීමේ කුසලතා සමඟ අත් කර ගත් ජයග්රහණයක්.
දකුණු අප්රිකාවේ අනෙකුත් ක්රීඩා පිටි වේග පන්දු යවන්නන්ට හිතකර වුවත් ඩර්බන් ක්රීඩාංගණයේ පැවති එක් තරඟයකදී රංගන හේරත් කඩුලු 09ක් ලබා ගත් අතර, 2000 / 2001 ක්රීඩා වාරයේ ටෙස්ට් තරඟයක් ජය පැරදුමෙන් තොරව අවසන් වූයේ මුරලිදරන් එම තරඟයේදී කඩුලු 10ක් බිද ගැනීමත් සමඟයි.
කෙසේ නමුත්, දකුණු අප්රිකානු පිළේ දග පන්දු යවන ක්රීඩක කේශව් මහරාජ් ප්රකාශ කළේ ශ්රී ලංකා පිතිකරුවන් තම ග්රහණයට හසු කර ගැනීමට උපරිම උත්සාහයක නිරත වන බවයි.