Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩයම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 490ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස්කරගෙන සිටියා.
දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි තියනස් ඩී බ්‍රේන් ලකුණු 45ක් රැස්කරගෙන සිටි අතර ටැම්බා බැවුමා රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 14ක්.
රංගන හේරත් සහ අකිල ධනංජය දකුණු අප්‍රිකානු දෙවන ඉනිමේ කඩුලු දෙක බැගින් දවාගත්තා.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 338 ක් රැස් කළ අතර දකුණු අප්‍රිකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 124ක්.
ලකුණු 214ක වාසියක් සමඟින් දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව දෙවන ඉනිමට කඩුලු 05ක් දැවී ලකුණු 275ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.
ඒ අනුව ලකුණු 490ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් කඩුලු 05ක් අතැතිව ලකුණු 351 පසුපසින් සිටිනවා.