Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද, දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 237 ක් රැස් කරගෙන සිටියා.
දිමුත් කරුණාරත්න අද දිනයේදී ලකුණු 85 කට දැවී ගිය අතර, ශ්‍රී ලංකා පිල මේ වනවිට දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 451 ක් ඉදිරියෙන් සිටිනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට වැඩි අවස්ථාවක් ලබාදී ඇති බවයි.
දැනට ක්‍රීඩාංගණයේ නැගෙනහිර අන්තයේ අංක අට දොරටුව ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ විවෘතව ඇති අතර, අද සිට එලෙස බටහිර අන්තයේ පිහිටි පස්වන දොරටුවද නොමිලයේ ප්‍රේක්ෂකයන් සඳහා විවෘත වනු ඇති.