ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා.
පළමු තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල මෙම තරඟයට පිවිසෙන්නේ ද නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහගේ සහභාගිත්වයෙන් තොරවයි.
ඔවුන්ට මෙම ටෙස්ට් තරඟය මෙන්ම දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟ 5 න් 4 කට සහභාගි වීමේ අවස්ථාවද අහිමි වනවා.
ඒ කොදෙව් චාරිකාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිකළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.
අද ආරම්භ වන ටෙස්ට් තරඟයේදී ද ශ්‍රී ලංකා පිල සුරංග ලක්මාල් විසින් මෙහෙයවනු ඇති.
මෙම තරඟයේදී තවත් ලකුණු 3 ක් රැස් කරගතහොත් හෂිම් අම්ලා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 9000 සම්පූර්ණ කළ තුන්වන ක්‍රීඩකයා බවට පත්වනු ඇති.
ඇන්ජලෝ මැතිව්ස්ට සිය ටෙස්ට් ලකුණු 5000 සම්පූර්ණ කිරීමට අවශ්‍ය ලකුණු 8 මෙම තරඟයේදී රැස් කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එසේ වුවහොත් ඔහු එම ඉලක්කය කරා ළඟා වූ 9 වන ශ්‍රී ලංකා ක්‍රිීඩකයා බවට පත්වනු ඇති.