Gossips

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් වෙයි

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන අද(04) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා.
මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන ජුලි මස 12 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අරම්භවීමට නියමිතයි.
තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු පළවෙනිදා.
ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. එක්දින තරග දෙකක් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර තවත් තරඟ දෙකක් පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතයි.
අවසන් එක්දින තරගය සහ විස්සයි විස්ස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.