Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තුන්වන එක්දින තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන එක්දින තරගය ඩර්බන් හිදී අද පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබාදීමටයි.
දෙකට බින්දුවක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාව මෙම තරගය ජයග්‍රහණය කළහොත් තරගාවලි ජයග්‍රහණය හිමිවන්නේ ඔවුන්ටයි.
තරගාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය ජයග්‍රහණය කළ යුතුයි.
නිරෝෂන් දික්වැල්ල, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ඔෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, තිසර පෙරේරා, අකිල ධනංජය, කසුන් රාජිත, ලසිත් මාලිංග සහ ඉසුරු උදාන අද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටිනවා.