බීමතින් රිය පදවා සිදුකළ අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල – කිංසි හෝර්ටන් මංසන්ධියේදී ඔහු පැදවූ මෝටර් රථය, ත්‍රිරෝද රථයක ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම අනතුරෙන් සුළු තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රිය අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න බීමතින් සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
