Gossips

ශ්‍රී ලංකා ජාතික මහ සභාව අද

ස්වාධීන මතධාරින් සමග ශ්‍රී ලංකා ජාතික මහා සභාව නමින් පුළුල් ජාතික ව්‍යාපාරයක් අද ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ දේශපාලනඥයින්ට ඉහළින් තීරණ ගත හැකි, රටට ආදරය කරන පිරිසකගේ එකමුතුවෙන් එම බලවේගය ගොඩනැගීමට කටයුතු කරන බවයි.
අදාළ සමුළුව රාජගිරිය – ගෝතමී මාවතේ පිහිටි සදහම් සෙවණේදී අද උදෑසන 9 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.