ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සහ චීනයේ ප්‍රධාන පෙලේ සරසවියක් වන චොන්චින්ග් විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (11) කොළඹදී අත්සන් කෙරුනා.
මේ සඳහා එම සරසවියේ විශේෂ දුත පිරිසක් ද ලංකාවට පැමිණ සිටියා.
ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපති නලින් අපොන්සු සහ චොන්චින්ග් විශ්ව විද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය ෂූ ෂෑන්ග් ගිවිසුමට අත්සන් තැබුවා.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකා ජනමාධ්‍ය ක්ෂේත්රයේ දියුණුවට විශාල උන්නතියක් සිදුවන බවයි නලින් අපොන්සු කියාසිටියේ.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තම ක්ෂේත්රයේ දැනුම පුළුල් දැනුමක් ලබා ගැනීම සඳහා මෙමගින් ඉඩකඩ ලැබෙන බව ද ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වු මහාචාර්ය ෂූ ෂෑන්ග් පෙන්වා දුන්නේ දෙපාර්ශවය අතර ඇරඹුනු මෙම සහයෝගීතාව දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි.