Gossips

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරය හිඟුරක්ගොඩදී

වසර 68 ක් පුරා ශ්‍රී ලංකා ගුවන් හමුදාව රට වෙනුවෙන් කළ සේවය ඇගයීමකට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට අද පෙරවරුවේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
මෙහිදී ගුවන් හමුදා අංක හත හෙලිකොප්ටර් බලගණය සහ අංක 8 සැහැල්ලූ ප්‍රවාහන බලගණය ජාතිය වෙනුවෙන් සිදුකළ සේවාවට ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබුවා.
මෙම සංවත්සරයට සමගාමීව එයාර් ටැටූ – 2019 ලෙස නම් කෙරුණු ගුවන් හමුදා ප්‍රදර්ශනයක් සහ සැණකෙළියක් අද සිට ලබන 6 වනදා දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වෙනවා.