Gossips

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ගෝලීය දර්ශකයේ ඉහළට

මෙරට ගමන් බලත්‍ර සඳහා ලබාදෙන ගෝලීය වර්ගීකරණය ඉහළ නංවා තිබෙනවා.
පසුගිය වසරට වඩා ස්ථාන 9 කින් එය ඉදිරියට පැමිණීම විශේෂත්වයක්.
දැන් ඊට හිමිව ඇත්තේ ගෝලීය වර්ගීකරණය යටතේ 84 වන ස්ථානයයි.
වීසා නොමැතිව රටවල් වෙත ගමන් කිරීමට ඇති හැකියාව සහ පැමිණීමට ඇති හැකියාව සහ අදාළ රටේ මානව සංවර්ධන දර්ශකය මෙම වර්ගීකරණය සඳහා උපයෝගී කරගැනෙනවා.
දැනට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය යටතේ රටවල් 16 කට වීසා නොමැතිව ගමන් කළ හැකි අතර, මෙරටට පැමිණ වීසා ලබාගත හැකි රටවල් සංඛ්‍යාව 29 ක්.
කෙසේ නමුත් ලොව රටවල් 153 ක් සඳහා මෙරට ගමන් බලපත්‍රය යටතේ තවදුරටත් වීසා බලපත් ලබාගත යුතු වනවා.
ගෝලීය දර්ශකයේ අංක එකේ ගමන් බලපත්‍රය ලෙස නම් කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රයයි. සිංගප්පූරුවට එහි දෙවන තැනත් ජර්මනියට තුන්වන ස්ථානයත් හිමිවී තිබෙනවා.