Gossips

ශ්‍රී ලංකා කාන්තා පිළට ජයක්

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ඊයේ (30) පැවැති දෙවන විස්සයි විස්ස තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් තුළ දී සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 72ක් පමණයි.
එහිදී ශෂිකලා සිරිවර්ධන ලකුණු 9කට කඩුලු 04ක් බිද හෙලුවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 14යි පන්දු 2ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 03ක් පමණක් දැවී තිබියදියි.